Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ස්ථාපිත වන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ඉදිරිදින කිහිපයේදි දිවයිනේ‍ෙ මුළුමනින්ම ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව.2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.




ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල, බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 අතර ඉතා තද වර්ෂාපතනයන්ද මුලතිව්, වවුනියාව, අනුරාධපුරය, රත්නපුර, කෑගල්ල, නුවරඑලිය, ගාල්ල, මාතර, කළුතර, කොළඹ, ගම්පහ සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.

මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Scroll to Top