ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන් ජාඇල සහ වත්තල ප්රදේශ කිහිපයකට හෙට (24) පෙරවරු 08.00 සිට අනිද්දා පෙරවරු 08.00 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව කටුනායක – සීදුව, ජා ඇළ යන නගර සභා බල ප්රදේශවලට සහ වත්තල – මාබෝල නගර සභා බල ප්රදේශයේ කොටසක්වන මාබෝල ප්රදේශයට අදාල කාලය තුළ ජලසැපයුම අත්හිටුවනු ඇත.
වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්රීගම, පොල්ගහහේන සහ බෝයිස්ටවුන් යන ප්රදේශවලට ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කරයි.