හෙම්මාතගම අරකොටවැල්ල ප්‍රදේශයේ සූකිරි නැමති ජාවාරම්කරු කසිප්පු පෙරා අවට ප්‍රදේශවලට ඛෙදාහරින බවට හෙම්මාතගම පොලිසියට ලද තොරතුරකට අනුව හදිසි වැටලීම් අංශයේ ස්ථානාධිපතිතුමා ඇතුලූ නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා නීති විරෝධි මත්පැන් මිලිලීටර් 54000ක් ගෝඩා මිලිලීටර් 390000 සහ ගෑස් සිලින්ඩර් ඇතුලූ කසිප්පු පෙරීම සඳහා යොදා ගන්නා උපකරණද සමග සැකකරුවෙකු හෙම්මාතගම පොලිසිය විසින් 20 වනදා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා අරණායක සාමසර කන්ද නායයෑමෙන් පසු අවතැන් වී පසුව අරකොටවැල්ල ප්‍රදේශයෙන් ලබාදුන් නිවාස සංකීර්ණයේ පදිංචිව සිට මෙම කටයුත්ත සිදුකරගෙන ගිය බවද පොලිසිය විසින් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත අත්අඩංගුවට පත් නඩු භාණ්ඩ සමග සැකකරු මාවනැල්ල දිසා මහේෂ්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද සඳහන්ය.