“කාර්යක්ෂම රාජ්‍ය සේවයක්” බිහිකිරීමේ ප්‍රතිපත්තිය අනුව අද දිනයේ හෝ හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත නව කැබිනෙට්ටුවේ සියලුම අමාත්‍යවරුන් වහාම තම තමන්ගේ අමාත්‍යාංශ කරා ගොස් ඒවායෙහි වැඩ බාරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
පසුගිය කාලයේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ඔවුන් තම තමන්ගේ දෛවඥයින් විසින් සකස් කරදෙන නැකැත්වලට දින නියම කර ගෙන පිළිගැනීමේ උත්සව සංවිධානය කර අමාත්‍යාශ වෙත ගොස් වැඩ භාරගැනීම සිදු විය.
නමුත් “කාර්යක්ෂම රාජ්‍ය සේවයක්” බිහිකිරීමේ ප්‍රතිපත්තිය අනුව නව කැබිනෙට්ටුවේ සියලුම අමාත්‍යවරුන් එසේ දිවුරුම් දීමෙන් දෙපැයක් තුළ තම තමන්ගේ අමාත්‍යාංශ කරා ගොස් ඒවායේ වැඩ ආරම්භ කළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියම කර තිබේ.