Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න දැයෙන් සමුගනියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඊයේ(19)  පස්වරුවේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  දහතුන්වන සාමාජිකයා වන දි.මු. ජයරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වූහ.

ශ්‍රී ලංකාවේ දහහතර වන  අග්‍රාමාත්‍යවරයා වන ඒ මහතා දොළුව විහාරස්ථානයේ සහ ගම්පොල සහිරා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික විභාගය සමත්වීමෙන් අනතුරුව වසර කිහිපයක් ගුරු වෘත්තිය ද  අනතුරුව තැපැල් ස්ථානාධිපතිධුරයක් ද හෙබවීය.

1950 දී මහනුවර දිසා ප්‍රජා මණ්ඩල ලේකම්ධූරයට පත් ඒ මහතා පසුව සමස්ත ලංකා ගම් සභා සභාපති ධූරයට පත්වූහ.  වර්ෂ 1970 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ දි.මු.ජයරත්න මහතා වර්ෂ 1994 දී කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යධූරයට පත්වූහ.




ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීම ඇතුළුව ජනතා සටන්වලදී පෙරමුණගත් දිමු ජයරත්න මහතා අවස්ථා ගණනාවක දී පොලිස් අත්අඩංගුවට පත්වූයේ මහජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ නිසාය.

දි.මු.ජයරත්න මහතා, මහවැලි සංවර්ධන හා පරිසර විෂයභාර හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා ඇතුලු තිදරු පියෙකි.

අභාවප්‍රාප්ත ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

 

Scroll to Top