Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රුවන්වැලි මහා සෑ චූඩා මාණික්‍යය වන්දනාමාන කිරීම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අනුරාධපුර රුවන්වැලි මහා සෑය තැන්පත් කිරීමට පෙර මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා නව චූඩා මාණික්‍යය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තැන්පත් කර ඇත.

රුවන්වැලි මහා සෑයේ පවතින වසර 80ක් පමණ පැරණි චූඩා මාණික්‍යය හා එහි රන් ආලේපිත පාදම මේ වන විට පලුදු වී ඇති බැවින් නව චූඩාමාණික්‍යයක් තැන්පත් කිරීමට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවිය හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරී පල්ලේගම හේමරතන හිමියන්ගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩාමාණික්‍යය සහ පාදම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම තැන්පත් කර මහ ජනතාවගේ වන්දනා මාන සඳහා විවෘත කිරීමට නියමිතය.




ඕස්ට්‍රේලියානු සමාගමක් හරහා ලබාගත් ඉතා වටිනා දුලබ පලිඟුවකින් මෙම චූඩාමාණික්‍යය නිර්මාණය කර ඇත.

රන් පාදම් වෙනුවෙන් පිරිසිදු රත්තරන් කිලෝ ග්‍රෑම් 28 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම හැඩගන්වන ලද ස්වාභාවික නිල් මැණික් සහ රතු මැණික් ගල් 4,300 ක් යොදාගෙන තිබේ.

අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ සහ රුවන්වැලි චෛත්‍යරාමාධිකාරි පල්ලේගම හේමරතන නා හිමියන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ  රුවන්වැලි මහා සෑයේ පිළිසකර කටයුතු මේ දිනවල සිදුකෙරෙන අතර එය මෙන්ම තව චුඩාමාණික්‍යය තැන්පත් කිරීම ඇතුළු කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේද අධීක්‍ෂණය යටතේ බුද්ධගයාවේ ද ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති ‘විශ්ව පාරමී’ පදනම මගිනි.

 

Scroll to Top