ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පිහිටුවන නව රජයේ අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස නව ආරක්ෂක ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාද නව ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා පත් කිරීමට ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.ආර්.ආටිගල මහතා පත්කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරීය.
ආටිගල මහතා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙසද කටයුතු කළ අතර නියෝජ්‍ය භාණ්ඩාගාර තනතුරද ඔහු දරා තිබේ.