Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපේක්ෂකයා පරාජයට පත්වීම නිසා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ඉල්ලා අස් වේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවී ජයවර්ධන මහතා  තනතුරින් ඉල්ලා අස්වි ඇත.

තමා දේශපාලනය කල කදවුරේ අපේක්ෂකයා පරාජයට පත්වීම තුල ප්‍රතිපත්තීමය වශයෙන් තව දුරටත් තනතුරේ රැදී සිටීමට නොහැකි බව, සිය තනතුරින් සමුගනිමින් ඒ මහතා ප්‍රකාශ කළේය. තමා පාවිච්චි කල නිල රථය මැතිවරණයට පෙර දින (15) ඒ මහතා විසින් අධිකාරියට බාර දී තිබූ අතර  සිය පෞද්ගලික මෝටර් රථයෙන් අධිකාරියට පැමිණ තනතුරට සමු දී පිටව ගොස් ඇත.

2018 ජුනි 14 දින වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපතිවරයා ලෙස රාජකාරී ආරම්භ කරල ලද රවී ජයවර්ධන මහතා, 2018 ඔක්තෝම්බර් 26 දින මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කිරීමෙන් පසුව 29 වැනි දිනද සිය තනතුරින් ඉල්ලා අස්විය. ඒ මහතා නැවත 2019 පෙබරවාරි 20 දින අධිකාරියේ සභාපතිවරයා වශයෙන් රාජකාරි බාර ගත්තේය.




ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් රවී ජයවර්ධන මහතා විසින් කරන ලද සේවය අගය කරමින් අධිකාරියේ උප සභාපති ආචාර්ය යුසුප් මරික්කාර් මහතා විසින් සමරු තිලිණයක් පිලිගන්වන ලද අයුරු සහ උත්සවයට සහභාගී වූ පිරිසෙන් කොටසක් ඉහත ඡායාරූප වල දැක්වේ.

අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා, අධ්‍යක්ෂ (පුහුණු) ඉංජිනේරු ශාන්තී එදිරිසිංහ, අධ්‍යක්ෂ (පරීක්ෂණ හා ඇගයීම්) යූ කේ නන්ද යන මහත්වරුන්ද ඡායාරූපයේ සිටී.

Scroll to Top