එක්සත් ජාතික පෙරමුණ ඉදිරියේදි ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ ද යන්න පිළිබඳව සම්බන්ධයෙන් හෙට(20) දිනයේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.
නව තරුණ නායකත්වයක් යටතේ අලුත් සංවිධානයකින් ඉදිරියේ දී කටයුතු කළ යුතු බව ජාතික හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලි චම්පික රණවක මහතා සඳහන් කරයි.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර එකඟතාවයකට පැමිණීමට නියමිතව ඇති අතර එහිදි ගනු ලබන ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලෙසට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වෙයි.