Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තවත් ඡන්ද ප්‍රතිඵලයක් – අනුර, මහේෂ් ඇතුලු 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තකයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 35 දෙනාගෙන් 33 දෙනෙකුගේම ඇප මුදල් රාජසන්තක වී තිබේ. ජනාධිපතිවරණයේ වලංගු ඡන්ද ප්‍රමාණයෙන් 5% ක් ලබා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙකී අපේක්ෂකයින් 33 දෙනාගේ ඇප තැන්පතු අහිමි වී ඇත.

 

ජනාධිපතිවරණයේ තෙවැනියට වැඩිම ඡන්ද ප්‍රමාණයක් වාර්තා කළ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මුළු ඡන්ද ප්‍රමාණයෙන් 3.16% ක් පමණක් ලබා ඇති බැවින් ඔහුගේ ඇප මුදල ද මේ අනුව ඔහුට අහිමි වනු ඇත.

ජනාධිපතිවරණය සඳහා යම් අපේක්ෂකයෙකු පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන්නේ නම් රුපියල් 50,000 ක ඇප තැන්පතුවක් සිදුකළ යුතු වන අතර ස්වාධීන කණ්ඩායමකින් තරඟ කරන්නේ නම් ඇප තැන්පතුව රුපියල් 75,000 කි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම අපේක්ෂකයින් ගණන ලෙසින් 35 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්වී තිබුණු අතර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපෙක්ෂකයෙකු විසින් තැන්පත් කළ යුතු ඇප මුදල සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම  ප්‍රධාන වශයෙන් හේතු වී තිබිණි.




 

Scroll to Top