Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හිටපු ජනාධිපති අවසන් රාජකාරිය කර නික්ම යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති  ධුරයේ රාජකාරි  (17දා) අවසන් කරන ලදී.

2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පස් වසරක ජනාධිපති ධුරයේ රාජකාරී අවසන් කිරීම වෙනුවෙන් සිය අවසන් රාජකාරිය ලෙස  බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ ලැබූ ශ්‍රීපාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ බුදුරජාණන් වහන්සේගේ දකුණ දළදා වහන්සේ නමක් වැඩ සිටින ඓතිහාසික සෝමවති පුදබිම මෙලෙස පූජා නගර ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනයට අත්සන් කර නික්ම යන ලදී.




Scroll to Top