ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේන් තේරී පවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහබාගි වීමට අනුරාධපුර නගරයට විශාල පිරිසක් පැමිණ ඇත.
නගරය පුරා මග දෙපස රැඳි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනතාවට උණුුසුම් සුබ පැතුම් ද එක්කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍ය රාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගෙන ජනාධිපති පදවියේ දිවුරුම් දුන් බව වාර්තා විය.
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දී රටපුරා බොහෝ ප්‍රදේශවල රතිඤ්ඤා දල්වා ජනතාව සතුට පළ කළහ.