ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බුද්ධාගමත්, ජාතික එකමුතුවත්, අභිමානයත්, සෞභාග්‍යත් නිරූපණය කරන ජනාධිපති නිල ධජය මේ වන විට හඳුන්වා දී තිබේ.
පාරිශූද්ධත්වයේ සංකේතය වන සුදු නෙළුම් මල එහි ප්‍රධාන තේමාව වන අතර ඉන් පාලකයා සතු නිර්මල පිවිතුරු පාලනය පිළිබිඹු කර ඇත.
නිල ධජයේ ප්‍රධාන වර්ණය වන්නේ කුරහන් ධාන්‍යයේ වර්ණය වන තද දුඹුරු පැහැයයි.
සිවිකොණ පිහිටි බෝපත් සතරින් බුදුදහම සහ ඉන් ජාතියට ලැබී ඇති අබාසය නිරූපනය කෙරෙයි.
වී කරල් සහ ඒ අතර පිහිටුවා ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් නිරූපනය කර ඇත්තේ සශ්‍රීකත්වයයි.
ජනාධිපති ධජයේ සියලු කොටස් එකට බැදී පවතින අතර ඒතුලින් සියලු ජාතීන් අතර එකමුතුව, සාමය අන්‍යොන්‍ය අවබෝධයත් ඒ තුල පවත්නා ජීවගුණයත් අර්ථ ගන්වා ඇත.