Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සජිත්ව සිංහල බෞද්ධ ජනතාව ප්‍රතික්ෂේප කළේ ඇයි ?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පක්‍ෂයක් වශයෙන් හෝ පුද්ගලිකව රනිල් වික්‍රමසිංහ සජිත්ගේ කකුලෙන් අදින වැඩ ජනාධිපතිවරණ සමයේ සිදු නොකළ බවද මහසඟරුවනට අපහාස කරන මංගල සමරවීර වැනි පුද්ගලයින්ගේ  ප්‍රකාශ නිවැරදි කිරීමට සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් කටයුතු නොකිරීම පිළිබදව  එජාප පාක්ෂිකයන් විමතියට පත් වන බව සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහාය හිමි නොවීමත් පක්‍ෂයේ ඇතැමුන් කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් ගෙන යාමත් බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

දකුණේ සිංහල බෞද්ධ ජනතාව අතර විශාල සැකයක් හා බියක් ඇතිවී තිබීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතු වූ බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මහතා අන් සියළු දේටත් වඩා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදී වන දකුණේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඈත්වීමද මෙම පරාජයට හේතු වු බව පෙන්වා දුන්නේය.

සජිත් රනිල්ගෙන් ඉල්ලුවේ උතුරු නැගෙනහිර ජන්ද අරන් දෙන්න කියලා විතරයි. එයා රටේ අනෙත් පැති බලා ගන්නම් කීවා. දැන් බලපුවාම ගම් මට්ටම,බිමි මට්ටම මොනවත් එයාට තිබිලා නැහැ.




සිරිකොතේ ඉදලා ජන්දෙ කරන්න කියල අපි කිව්වා. නමුත් ඇහුවේ නැහැ. එයාට ඕනෑ අය දාගෙන වොක්ෂොල් වීදියේ වැඩ කරන්න ගිහින් තමයි මේ අවුල සිදු වුණේ.

තව දෙයක් අපේ වගේ නෙවෙයි එදා මහින්ද ඉල්ලන වෙලාවේ චන්ද්‍රිකා සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා.

නමුත් මහින්ද ජන්දෙන් දිනුවා. දැන් පැරදුණාට පස්සේ අනික් අයට ඇගිල්ල දිගු කරලා වැඩක් නැහැ. අපිත් හිතුවේ එයා ගම් මට්ටමේ ජනප්‍රියයි කියලා. දැන් බලපුවාම එයාට ගම් මට්ටම නැහැ යනුවෙන් එජාප පාක්ෂිකයන් අවධාරණය කරයි.

පරාජයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පක්‍ෂයේ සියළු තනතුරු වලින් ඉවත් වූයේ ඉදිරියේදී තවතවත් ශක්තිමත් අයුරින් ජනතාවට සේවය කිරීම සදහා සුදුසු වටපිටාවක් සකස් කර ගැනීමේ අරමුණින් බවද ඉදිරියේදී නව දැක්මක් සහිත නව ගමනකින් රටට සේවයක් කිරීම ඔහුගේ ඉදිරි අරමුණ බවද තිස්ස අත්තනායක සදහන් කරයි.

 

 

Scroll to Top