සජිත් ප්‍රේමදාස පරාජය පිළිගනී : එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධුරයෙන් ඉල්ලා අස්වේ.
මෙවර ජනපතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ජයග්‍රහණය හිමිව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට බැවින් තමා සුබපතන බවත්
පරාජය භාරගන්නා බවත් සජිත් ප්‍රේමදාස ප්‍රතිවාදී අපේක්ෂකයා දන්වා සිටියේය.
නිදහස් හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා කැපවූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට සහ රටවැසියන්ට සිය ස්තුතිය පුදකරන බවද තමා ඉදිරියේ දේශපාලනයට සම්බන්ධ වන ආකාරය ඉදිරි දිනවල තම පාක්ෂිකයින් දැනුවත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා දන්වා සිටියේය.