හත්වැනි විධායක ජනපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීම ද පෙරවරු 07.00ට දිවයින පුරා මධ්‍යස්ථාන 12,815කදී ආරම්භ වු අතර පස්වරු 5.00ට අවසන් විය. දිවයින පුරාම සාමකාමී තත්ත්වයකින් ජනතාව ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම දිස්ත්‍රික්ක වල 70%ත් 80%ත් වඩා ඉහළ අගයක් ගත් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.
ඡනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු පෙරවරුවේ ප්‍රශස්ත මට්ටමක පැවැති බවත් සුඵ සිද්ධින් ඇරුණු කොට මෙවර මැතිවරණය සමස්තයක් ලෙසගත් කළ සාමකාමි බව කැෆේ සංවිධානය පවසයි.
මෙවර ජනාධිපතිවරණය ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්වූ ජනාධිපතිවරණය ලෙසත් බලයේ සිටින ජනාධිපතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු තරඟ නොකළ ජනාධිපතිවරණය ලෙසත් දීර්ඝතම ඡන්ද පත්‍රිකාවක් සහිත ජනාධිපතිවරණය ලෙසත් ඉතිහාසගතවිය.