Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

15,992,096 ක් අද ඡන්ද පොළට – හැකිතාක් උදාසනින් ඡන්දය දාන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම පෙරවරු 7 ට ආරම්භ විය.

පස්වරු 5 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 12,848 කදී ඡන්ද විමසීම පැවැත්වන වන බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබාසිටින ඡන්ද දායකයන් ගණන 15,992,096 සුදුසුකම් ලබා සිටිති.

ජනාධිපතිවරණයට වාර්තාගත ලෙස අපේක්ෂකයෝ 35 දෙනකු ඉදිරිපත් වී සිටිති.

ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථාන 1550 කදී සිදුකෙරෙනු ඇති.

ඒ තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 371 ක් සහ කොට්ඨාශ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 1179 ක් ලෙසයි.




හැකිතාක් උදාසනින් ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙසටයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්ද දායකයන්ට දැනුම් දෙන්නේ.

අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා භාවිත කල හැකි අනන්‍යතා සහතිකයක් ද රැගෙන එන ලෙසද සදහන් කරයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම, පැෆරල් ආදී දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ජනාධිපතිවරණය නිරීක්ෂණය කටයුතු සඳහා එක්ව සිටියි.

ජනාධිපතිවරණයේ සමස්ත වියදම රුපියල් කෝටි 750 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසන් සභාව විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ.

Scroll to Top