ජංගම දුරකතන හා අත්‍යාවශ්‍ය ගමන් මළු ආදිය ඡන්ද පොළට රැගෙන යාමෙන් වළකින්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඡන්ද පොළේදී දුරකතනය මගින් හෝ කැමරා මගින් ඡායාරූප ගැනීම , ජංගම දුරකතන නාද කිරීම සපුරා තහනම් බවද එවැනි වැරදි කරන ඡන්ද දායකයින් පොලිස්භාරයට ගන්නා බවද මැතිවරණ කොමිසම පවසයි.