Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කරන්නන්ට නිවාඩු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියළුම සේවා නියුක්තිකයන්ට නියමිත නිවාඩු ලබා දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සහ පෞද්ගලික සේවා යෝජකයින්ට දැනුම් දෙයි.

වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව මෙම නිවාඩු ලබාදිය යුතු බවයි එම කොමිෂන් සභාව නිවේදනය කරයි.




ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර කිලෝමීටර් 40ට අඩු නම් දින භාගයක නිවාඩුවක් ද කිලෝමීටර් 40ත්, 100ත් අතර නම් දිනක නිවාඩුවක් ද ඡන්ද මධ්‍යස්ථානයට පවතින දුර කිලෝමීටර් 100ත් – 150ත් අතර නම් දින එක හමාරක නිවාඩුවක් සහ කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක නිවාඩුවක් ලබා දිය යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව  පවසයි.

 

Scroll to Top