ආණමඩුව, කඵවරගස්වැව අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනයේ කුටි සෙනසුන් සඟ සතු කොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් අද (15) සිදු විය.
විනය ප්‍රතිපත්ති මූලික කරගත් භික්ෂු ආරාමීය අධ්‍යාපනය දියුණු කිරීමත්, එමඟින් ධර්මධර විනයධර ශික්ෂාකාමී භික්ෂු පරම්පරාවක් සම්බුද්ධ ශාසනයට දායාද කිරීමත් අරමුණු කර ගනිමින් අන්තර්ජාතික ථෙරවාද ධර්මායතනය ක්‍රියාත්මක වෙයි.
අද පෙරවරුවේ ධර්මායතනය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
ධර්මායතන පරිශ්‍රයේ බෝධින් වහන්සේ නමක් රෝපණය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
එමෙන්ම එම පරිශ්‍රයේ ඉදිකෙරුණු ප්රතිආශ්රැතකරණ ජල පද්ධතිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
අභිනව සේනාසන කුටි සඝ සතු කොට පූජා කිරීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.
ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රමයේ කාරක සංඝ සභික පූජ්‍ය මීගොඩ සංඝසෝභන ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ අතපැන් වත් කොට සේනාසන කුටි යෝගාවචර මහා සංඝරත්නය විෂයෙහි පූජා කිරීම සිදු විය.
ඊට අදාළ සංදේශය ද ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.
බුරුම දේශයේ සිට ධර්ම අධ්‍යාපනය සාර්ථකව නිමකර වැඩමවා වදාළ ස්වාමින් වහන්සේලා දෙනමකට උපහාර තිළිණ පිළිගැන්වීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගන්වනු ලැබීය.
අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක් විය.
ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රමයේ කාරක සංඝ සභික පූජ්‍ය මීගොඩ සංඝසෝභන ස්වාමින් වහන්සේ, ගෞරව ශාස්ත්‍රවේදී පුජ්‍ය වේරපිටියේ දේවානන්ද ස්වාමින්වහන්සේ, කන්දේගෙදර විමලධම්මස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය ද ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්රමුඛ ආරක්ෂ අංශ ප්‍රධානින් ද, අචාර්ය රංග කලන්සූරිය මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.