Aboutceylon Online

ත්‍රිවිධ හමුදාවෙන් ජනපතිට උපහාර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති සහ සේනාධිනායක ලෙස යුද,නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන් ශක්තිමත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙනුත්, ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදාවන්ගේ අභිමානය සුරැකීම වෙනුවෙන් ඉකුත් පස් වසර පුරා ජනපති ගත් පියවර අගයමින් ත්‍රිවිධ හමුදාවේ උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වෙයි.

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (14) රාත්‍රියේ කොළඹ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා වෙත උපහාර පිළිගැන්විණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු එම අවස්ථාවට එක්ව සිටියහ.

Scroll to Top