සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට අද මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි කැඳවීමක් කර තිබේ.
මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට, දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට සහ පක්ෂ නියෝජිතයින්ට අද පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතව ඇත.