ජනාධිපතිවරණයට අදාළ ප්රචාරක කටයුතු අදින් අවසන්ය. අදින් පසු එළැඹෙන නිහඬ කාලසීමාව තුළ ප්රචාරක කටයුතු නීති විරෝධී බැවින් එවැනි කටයුතු සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ හැකිය. මෙරට හත්වන ජනාධිපතිවරයා තෝරාගනු පිණිස සති කිහිපයක් තිස්සේ පැවැති මැතිවරණ ප්රචාරක කටයුතු විවිධ මුහුණුවර ගනු ලැබීය.
2019 ජනපතිවරණය අවසන් රැලි සජිත් ප්‍රේමදාස – මරදාන ,අනුර කුමාර දිසානායක – මහරගම , ගෝඨාභය රාජපක්ෂ – හෝමාගම ද පැවැත්වීමට නියමිතයි.
සාමාන්‍යයෙන් මෙරට මැතිවරණයකදී ආගන්තුක නොවන මඩ ගැසීම්, චරිත ඝාතන, පැති මාරු කිරීම් මෙවරත් සුපුරුදු පරිදි දැකිය හැකි වූ අතර සත්‍ය විකෘති කිරීම් කොතෙකුත් දක්නට ලැබිණි.
සැලකිය යුතු මට්ටමේ ප්රචණ්ඩ ක්‍රියා කිහිපයක් සිදු වූ නමුත් ඒවා මීට පෙර මැතිවරණවල තරම් උග්‍ර සහ සාහසික නොවීය.
ඡන්දය දෙන්නට එන ඡන්ද දායකයා නිශ්චිතවම හැඳුනුම්පත හෝ පිළිගත හැකි ලියවිල්ලක් රැගෙන ආ යුතු බව මැතිවරණ කොමසාරිස් පවසයි.