හැටන් සිට අකුරණ දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයකට පෙරලිමෙන් අනතුර සිදු වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
අද (13) උදැසන 6 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මහනුවර ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්රදේශයේදිය.
අනතුරෙන් මොටර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති බවත්, අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.
අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථයේ රියදුරාට නින්ද යාම නිසා මොටර් රථය මාර්ගයෙ ප්රතිවිරුද්ධ දිශාවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරලි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.