ඉන්දියාවේ සිට හමා එන දූවිලි වලාවේ බලපෑමේ යම් අඩුවීමක් ලංකාවට සිදුවූවද, මේ මස 13 වැනිදා වෙද්දී යම් වැඩිවීමක් සිදුවිය හැකි යැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරියේ සහ මහනුවර තිබෙන වායු තත්ත්ව නිරීක්ෂණ මධ්‍යස්ථානවල නිරීක්ෂණයන්ට අනුව, වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය දෙගුණයක් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතිශතය යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සදහන් කරයි.
බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ සුළි කුණාටු තත්ත්වයක් පවතින බවත්,ඊට සුළං හමන්නේ ඉන්දියාව හරහා බවත්, එම සුළං ප්රවාහයන් ලංකාව හරහා ගමන් කරන බවය.
ඉන්දියාවේ සිට හමා ආ දූවිලි වලාවක් හේතුවෙන් කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ඉහළ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
ලංකාවට බලපා තිබෙන දූවිලි වලාව පිළිබඳව සොයා බලන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයට දැනුම් දෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.