බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුල්බුල්” සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් පවතින නිසා ලබන 11 වනදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීම් නිකුත්ක ඇත.
බුල්බුල් ඉදිරි පැය 24 තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන්කර බංගලාදේශ වෙරළ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මුහුදු ප්‍රදේශවල තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි, ඉතා තද සුළං සමඟ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් පවසයි.