ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් ඇතුළු රජයේ සේවකයින්ට අද තම සේවා ස්ථානය පිහිටි ප්‍රදේශයේ ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා විශේෂ අවස්ථාවක් හිමි ව ඇත.
පසුගිය ඔක්තෝම්බර් මස 31 සහ නොවැම්බර් 1, 4 සහ 5 යන දිනවල තැපැල් ඡන්ද විමසීම පැවැත්වුණේ අදියර 2ක් යටතේ ය.
මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව 6,59,515 ක්.