Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලාෆ් ගෑස් සමාගමට නඩු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත.

ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි.‍




කෘතිම ලෙස වෙළෙඳපොළ මෙහෙයවීමට කුමන්ත්‍රණය කිරීම සහ ලාෆ් ගෑස් කොටස් මිල සම්බන්ධයෙන් එවැනි වරදකට සහය දැක්වීම ඔවුන්ට එරෙහි චෝදනා බව ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව සඳහන් කරයි.

 

Scroll to Top