Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහමායා විද්‍යාලයේ දැරියන්ට ජනපති දුන් පොරොන්දුව ඉටු වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහර, කඩවත මහමායා බාලිකා විද්‍යාලයේ ඉදිකෙරුණු ගෘහස්ථ ක්‍රීඩාගාරය සහිත නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු විය.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන් ද දක්ෂතා රැසක් පෙන්වා ඇති කඩවත මහමායා විද්‍යාලයේ පැවති දීර්ඝකාලීන අඩුපාඩුවක් සපුරාලමින් ක්‍රීඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ දී ජනාධිපතිතුමා අතින් මුල්ගල් තැබිණි.

එහිදී ජනාධිපතිතුමා දරුවන්ට ලබාදුන් පොරොන්දුවක් අනුව මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ ක්‍රිඩාගාරය සහිත නව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් නිම කෙරුණු අතර වැය කළ මුදල රුපියල් මිලියන 50කි.




ඉතා කඩිනමින් ක්‍රිඩාගාරය සහිත නව ගොඩනැඟිල්ල පාසල වෙත ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී සිසු දැරියෝ ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කර සිටියහ.

විදුහල්පතිනි පුෂ්පිකා බන්දුවංශ මහත්මිය විසින් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

එරොබික්ස් ජිම්නාස්ටික් සංදර්ශන කණ්ඩායමේ ඇතුථ විද්‍යාලයේ දරුවන්ගේ ඉදිරිපත් කිරීම් රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඇතුථ පිරිසක් මීට එක්ව සිටියහ.

Scroll to Top