දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දීමට තීරණය කර ඇත. අද ඒ ආර් සම්බන්ධන් ඇතුළු පක්ෂයේ පිරිසගේ රැස්වීමෙන් පසුවයි.
ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.
වවුනියාව පෞද්ගලික හෝටලයකදී මෙම මධ්‍යම කාරක සභාව රැස්විණි.
දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂවල සහාය කාහටද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය දැනුම්දෙන බවද සුමන්තිරන් මහතා කීය.