Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

PADMAN සජිත්ව අගයයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසා මහතා කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව  කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර ඇත.

“ලොව පුරා නායකයින් තමන්ගේ රටවල සංවර්ධනයේදී කාන්තාවන්ගේ සෞඛ්‍ය හා කාන්තාවන්ගේ මාසික සනීපාරක්ෂා කටයුතු වල වැදගත්කම වටහා ගැනීම හොඳ වෙනසක්. ඔවුන් සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් වලින් විවිධ මුල පිරීමේ මේ වෙනුවෙන් නිවේදනය කර තිබෙනවා.

ඔහු තමන්ට පෑඩ්මන් ලෙස හැඳින්වීම ගැන සතුටු වන අතර කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට පොරොන්දු වුණා. කාන්තාවන්ගේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳව ලෝක නායකයන් තානාපතිවරුන් ලෙස කටයුතු කිරීමට මේ කාලය බවද ඔහු පවසයි.

ගම්වල මිනිසුන් “කිලි රෙද්ද” යැයි කිව්වේ මෙම මාස් ශුද්ධියේ දී වහනය වන ලේ ඇඳිවතේ තැවරීම වළක්වා ගැනීමට කාන්තාවන් විසින් යොදාගත් රෙදි කැබැල්ලයි.




ගම්වල සිටින කාන්තාවන්ගෙන් එදා මෙන්ම අදත් සියයට 80කට වැඩි පිරිසක් කාන්තා සනීපාරක්ෂක තුවා ගැන දන්නේ නැත. ඔවුන් තවමත් අඳින්නේ ඉවත දමන රෙදි කැබලිය.මේ හේතුවෙන් බැක්ටීරියා ආසාදනයන්ට නිතරම කාන්තාවන් ට මුහුණ පෑමට සිදුවේ.

එමනිසා දිනපතා ආසාදනයන්යට ලක්ව රෝහල් කරා ප්‍රතිකාර ගැනීමට එන කාන්තාවන් ගණන සුළුපටු නොවේ.

ඉන්දියාවේ සුප්‍රකට අරුනාචලම් මුරුගනාදන් පෑඩ් මෑන් ලෙස ඉන්දීය කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂකතුවා සකසා ලබා දුන් ඒ මිනිසා මෙන්ම මතු දිනෙක සජිත් PAD MAN කෙනෙක් ලෙස හැඳින්වුවාට වරදක් නැත.

Scroll to Top