ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් තනිව ජනහමු පැවැත්වීමට ශ්රීලනිපය තීරණය කර ඇත.
එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තීන්දු කර සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ නොවීමට තීන්දුකර ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා සදහන් කරයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් ඉලක්ක කරමින් දිගින් දිගටම පොදු ජන පෙරමුණ රැළිවලදී හූ තැබීම මීට හේතු වී ඇති බවද සදහන් වේ.