Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තීරු බදු රහිත මන්ත්‍රී වාහන බලපත්‍රය අහෝසියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ‘‘සජිත් සමාජ විප්ලවය’’ මහනුවර ක්වීන්ස් හෝටලයේදී එළිදැක්විය.

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකසා ඇත්තේ විශේෂ කරුණු 20ක් ඔස්සේයි.




විශ්වීය විශ්ව විද්‍යාල අධ්‍යාපනයක්, විශ්වීය සෞඛ්‍ය ආරක්‍ෂාවක්, ආගමික අන්තවාදය සහ ප‍්‍රචණ්ඩත්වය නොඉවසන ප‍්‍රතිපත්තියක්, මත්ද්‍රව්‍ය සහ දූෂණ නොඉවසන ප‍්‍රතිපත්තියක්, වත්මන් පාර්ලිමේන්තුව ආරම්භ කර ඇති විධායක ජනාධිපති‌ගේ ක්‍රියාකාරිත්වය, බලය ‌බෙදා හැරීම සහ මැතිවරණ ක්‍රමය පිළිබඳ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රමාදයකින් ‌තොරව අවසන් කරන බවත් නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ‌යොමු කරන බවත් සජිත් ‌ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වේ.

තීරුබදු රහිත මන්ත්‍රීවාහන බලපත්‍රය අහෝසි කරන බවද, ජනමාධ්‍ය පිලිබඳ ‌කොළඹ ප්‍රකාශය ක්‍රියාත්මක කරන බවද විශේෂයෙන් දක්වා තිබේ.

Scroll to Top