එදා බ්‍රිතාන්‍යය අධිරාජ්‍යවාදීන්ගෙන් ශ්‍රී ලංකාව නිදහස් කරගැනීමට මෙරට ජනතාව ජාති ආගම භේදයකින් තොරව එකට එක්වී අරගල කළේය. අද රට බේරාගත යුත්තේ ජාතිවාදය ආගම්වාදය අවුළුවමින් ඉන්දියන් සාගරයේ මුතුඇටය විනාශ කරන්න සුදානම් වන දේශපාලුවන්ගෙන් නොවේද?
සියළු ගුණ දහම්වලින් සමන්විතව ඉතා යහපත් බ්‍රහ්මචාරී දිවිපෙවතක් ගෙවන ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා ආරණ්‍යවාසී භික්ෂුවක් වූ දා පටන් දේශපාලනයෙන් පමණක් නොව ගිහි සමාජයෙන්ද ඈත්ව නිර්වානාවබෝධය පිණිසම වෙහෙසෙන්නෝ වෙති. බෞද්ධ භික්ෂු චරියාව මැනවින් පිළිපදින බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා වේ නම් ඒ ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාම පමණි.
ආරණ්‍යවාසී බුද්ධ පුත්‍රයකුගේ ඇවතුම් පැවතුම් රටාව මෙසේය.
තමන් සමඟ වාසය කරන අනෙකුත් භික්ෂූන් කෙරෙහි ඉතාම ගෞරවයෙන්, යටහත් පහත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු වීම, වැඩිහිටි භික්ෂූන් වහන්සේලා කෙරෙහි නිසි ගෞරවයෙන් යුක්තව උන්වහන්සේලාට ආසන පහසුකම් සලසාදීම සහ නවක භික්ෂූන්ගේ ආසනයන් උදුරාගැනීමෙන් වැළකීම, ඉතා උදෑසනින් ගමට පිණ්ඩපාතය පිණිස වැඩීම හා ඉතා දවල් වී ගමට නොයෑම, උදේ කාලයේදී හෝ දහවල ආරාධනාවකින් තොරව ගිහි ගෙවල්වලට ගොස් අන්‍යයන් හා
කාලය ගතකිරීමෙන් හෙවත් විකාල චර්යාවෙන් වැළකීම, උඩඟු හෝ චපල භික්ෂුවක් නොවීම, වාචාල, විසුළු වචන වලින් වැළකීම, කීකරු කල්‍යාණ මිත්‍රයන් ඇති අයකු වීම, ඉන්ද්රිය සංවරයෙන් යුක්ත වීම, භෝජනයෙහි පමණ දන්නා අයකු වීම, නින්දට වහල්වන්නකු නොවීම, කුසීතයකු නොවී ඇරඹූ වීර්ය ඇත්තෙකු වීම, මුළාවූ සිහියෙන් යුක්ත නොවීම, සමාහිත සිත් ඇත්තකු වීම, වත් පිළිවෙත් පිරීමේදී දක්ෂ ප්‍රඥාවකින් යුතු භික්ෂුවක් වීම, සත්තිස් බෝධිපාර්ශ්වික ධර්ම සහ ප්රතිමෝක්ෂ සංවර ශීලය පිළිබඳ යමෙක් විමසූ කල ඒ ධර්මයන් මනාලෙස විග්රහ කිරීමට හැකි දැනුමකින් සන්නද්ධව සිටීම, රූප අරූප සමාපත්ති ඉක්මවාගිය විමෝක්ෂය උදෙසා කටයුතු කරන්නකු වීම, උතුම් මාර්ගඵල අවබෝධයන්ගෙන් යුක්ත භික්ෂුවක් වීම” යනුවෙන් එම කරුණු හඳුන්වා දී තිබේ.
මෙවන් ආරණ්‍යවාසී බුද්ධ පුත්‍රයකු ඡන්දය දීමට සුදුසුද?