Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රග්බි ලෝක කුසලානය අප්‍රිකානූවන්ට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජපානයේ යොකොහමා ක්‍රීඩාංගණයේදී අද පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී දකුණු අප්‍රිකාව තුන් වැනි වරටත් ලෝක කුසලාන රග්බි ශූරතාව  දිනා ගත්තේ එංගලන්ත කණ්ඩායම පරාජය කරමිනි.

එංගලන්තය ලකුණු 32 – 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ  වෙබ් එළිස් කුසලාන දිනාගත්හ.

දකුණු අප්‍රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය.

පළමු අර්ධය නිමා වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 12 – 06 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.




දෙවැනි අර්ධයේදී දකුණු අප්‍රිකාව තවත් ලකුණු 20 ක් රැස් කළේ ය.

එංගලන්ත ක්‍රීඩකයින්ට එම අර්ධයේදී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 6 ක් පමණි.

ලකුණු 32 ට 12 ක් ලෙස ජය තහවුරු කර ගත් දකුණු අප්‍රිකාව තුන් වැනි වරටත් රග්බි ලෝක ශූරයින් බවට පත් විය.

ජයග්‍රාහී දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 2 ක්, ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 6 කින් ලකුණු රැස් කළේ ය.

Scroll to Top