Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නුවරඑළියේ තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම මධ්‍යස්ථාන 114 කදි සාර්ථක අයුරින්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

2019 ජනාධිපතිවරණයේ  නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම ජන්ද මධ්‍යස්ථාන 114 කදි සාර්ථක අයුරින් පැවැත්වෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රොහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

ඊයේ (31) දිනයෙන් ආරම්භ වු තැපැල් ජන්ද ප්‍රකාශ  කිරිම හෙට (01) දිනයෙත් සිදු කිරිමට නියමිත බව දිස්ත්‍රික් ලේකම් වරයා කියා සිටිහ.

මාධ්‍යය හමුවක් පවත්වමින් අදහස් දැක් වු දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ

මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තැපැල් ජන්දය භාවිතා කිරිම සදහා  පුද්ගලයින් දහඅටදහස් එකසිය විසි හතරක් සුදුසුකම් ලබා ඇති අතර , නුවරඑළිය මැතිවරණ කොට්ඨාශයෙන් 6502 ක් , කොත්මලේ මැතිවරණ කොට්ඨාශයෙන් පුද්ගලයින්  2879 ක් ,හගුරන්කෙත මැතිවරණ කොට්ඨාශයෙන් පුද්ගලයින්  4692 සහ වලපනේ මැතිවරණ කොට්ඨාශයෙන් පුද්ගලයින්  4051 තැපැල් ජන්දය ප්‍රකාශ කිරිම සදහා සුදුසකම් ලබා ඇත.




තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානවලට ආරක්‍ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම , අධීක්‍ෂණය හා නිරීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කාර්යාල නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් යොදවන බැවින් පොලිස් ස්ථාන, මැතිවරණ කාර්යාලයේ හා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 04 හා 05 දිනවල සිදුකිරීමට නියමිත ය.

මෙම දිනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන නිලධාරීන් සඳහා නොවැම්බර් මස 07 වන දින නුවරඑළිය මැතිවරණ කාර්යාලයේදි තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථා සලසා ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් රොහණ පුෂ්පකුමාර  වැඩිදුරටත් කියා සිටියා.

Scroll to Top