Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සක්‍රීය දේශපාලනයේ නිරත අපේක්ෂකයන් පොරොන්දු දෙන්නේ කාලයක් තිස්සේ නිදා සිට හදිසියේ අවදිවූවන් මෙනි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනපතිධූර අපේක්ෂකයන්ගේ ප්‍රමාණය ඉහළ යාමෙන් ඡන්ද කොළය දිග වැඩිවී නිලධාරීන්ගේ රාජකාරී බහුල වෙනවා පමණක් නොව අධික වියදම හේතුවෙන් රටට  මහත් බරක් වී ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් පවසයි.

කාලයක් තිස්සේ සිට සක්‍රීය දේශපාලනයේ නිරත වන ජනපති අපේක්ෂකයන් අද වන විට ජනතාවට පොරොන්දු ලබා දෙන්නේ දිගු කාලයක් තිස්සේ නිදා සිට හදිසියේ අවදිවූවන් මෙන් යැයි උන්වහන්සේ සදහන් කළහ.




ජනපති අපේක්ෂකයන් ලබා දෙන පොරොන්දු දෙස බලන විට ඔවුන් කථා කරන්නේ අමුතුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වූවන් මෙනි.

ජනතාව පීඩාවට පත්වන බව දැන දැනම අද ඔවුන් ජනතාව ඉන් මුදා ගන්නා බව කියනවා. බලය තිබෙන විට ජනතාව පීඩාවට පත්වන බව දන්නේ නෑ වගේ කථා කරන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ආණ්ඩු කරන විට ජනතාවට සහ රටට අවශ්‍ය පොදු ප්‍රතිපත්තියක් පිළීබදව අපි නායකයන්ට ප්‍රසිද්ධියේ උපදේශන දුන්නා.

නමුත් ඔවුන් යහපාලන ආණ්ඩුවේ සිටිමින් ඉදිරියේදී ඔවුන්ගේ පක්ෂවලට බලය හිමිවන ආණ්ඩු ස්ථාපිත කරන බව කීවා. මෙවැනි තත්ත්වයක් යටතේ පක්ෂය ශක්තිමත් කරනවා මිස ජනතාවට රටට වැඩක් කරන බවක් පෙනුනේ නැහැ.




ආණ්ඩු, පක්ෂ කොතරම් වෙනස් වුවත් රටට සුදුසු රටේ සංවර්ධනය නොවෙනස්වන ප්‍රතිපත්තියක් තිබිය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් වැඩිදුරටත් සදහන් කළහ.

ජනපති අපේක්ෂකයා සමඟ අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් අදහස් දක්වමින්,

මේ වන විට අපේක්ෂකයෙකු වෙනුවෙන් ජනතාව පෙළ ගැසී අවසන්. ජනාධිපතිවරණය අභියස සිටින මේ අවස්ථාවේදී තමන් ගන්නා තීන්දුව කුමක් දැයි ජනතාව මේ වන විට තීරණය කර අවසන්. ජනතාව අද බුද්ධිමත්.

ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මතයි. නමුත් අද වන විට ව්‍යවස්ථා අර්බුදයක් තිබෙනවා. ඒ නිසා කිසිදු අපේක්ෂකයෙකුට සිය අපේක්ෂා ඒ අයුරින් ඉටු කර ගැනීම අපහසු වෙන්න පුළුවන්.

ප්‍රධාන දේශපාලන පක්ෂ කියා දෙයක් නැහැ. නමුත් ජනතාව පක්ෂ වෙනුවෙන් මේ වන විට පෙළ ගැසී සිටින බව අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් සදහන් කළහ.

 

Scroll to Top