Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

රාජ්‍ය සේවයේ හයලක්ෂ පනස් නවදහසක තීරණය අද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම හෙට සහ අනිද්දා දිනයේදී සුදුසුකම් ලබා ඇති සියලූම රාජ්‍ය සේවකයින්ට තැපැල් ඡන්දය සළකුනු කිරීමට අවස්ථාව හිමිවන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 717,871 දෙනෙක් ඉල්ලුම්පත් භාර දී තිබුනත්  ඉල්ලුම්පත් 58 841 ක් ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව 659 030 දෙනෙකු‍ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

මීට අමතරව පොලීසිය, දිස්ත්‍රික් සහ මැතිවරණ ලේකම් කාර්යාලවල සේවයේ නියුතු රාජ්‍ය නිලධාරීන් හට නොවැම්බර් 4 සහ 5 යන දිනවල සිය සේවා ස්ථානවලදී තැපැල් ඡන්දය සළකුණු කිරීමට අවස්ථාව හිමිව ඇත.




නොවැළැක්විය හැකි හේතුවක් මත හෙට (31) සහ අනිද්දා (01) ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට නොවැම්බර් මස 7 සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකියි.

තැපැල් ඡන්දය සලකුණු කිරීම් සහ තැපැල් ඡන්දය විමසන ස්ථාන ඡායාරූප ගත කිරීම හා වීඩියෝ ගත කිරීම තහනම් වන අතර තැපැල් ඡන්ද විමසීම සිදුවන ස්ථාන අවට අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම ද තහනම් වේ.

ඡන්ද සළකුණු කිරීමේ ස්ථානයක ඡන්දය දීමට බාධාවන හෝ බලපෑම් සිදුවන තත්ත්වයක් මතුවුවහොත් එම ස්ථානයේ ඡන්ද විමසීම අවලංගු කිරීමට සිදුවන බවද මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියි.

Scroll to Top