උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනතා අයිතියට පත් කෙරේ.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ය.
ඒ යටතේ අලිකොටආර, ඩයබරා ,පුහුල්පොල හා හඳපානාගල ජලාශ අද විවෘත කිරීමට නියමිත ය.
අලිකොටආර ජලාශයේ ධාරිතාව අක්කර අඩි 5200 කි.
මීට අමතරව කරඳගොල්ල භූගත ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ද ජනාධිපතිතුමා අද නිරීක්ෂණය කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ලබන වසරේ වැඩ නිම කිරීමට නියමිත එම විදුලි බලාගාරයෙන් ජනනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවොට් 120 කි.