අයහපත් කාලගුණය නිසා මේ දිනවල ඇහදැළෙන අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1200 කට අධික සංඛ්‍යාවක පුද්ගලයන් 5000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
ආපදාවලට ලක්වූ පුද්ගලයන්ට සහන සැලසීම මේ වනවිට පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එම්.එන්. චිත්‍රානන්ද මහතාගේ උපදෙස් මත ආරම්භ කර තිබේ.