දිපාවලි උත්සව සමයේ හැටන් නගරයට පසුගිය දින කිහිපය තුල අති විශාල ජනතාවක් පැමිණි අතර එසේ පැමිණි ජනතාවගෙන් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බි අස්ථාන ගත වි ඇති බවට හැටන් පොලිසිය වෙත පැමිණිලි කිහිපයක් ලැබි ඇත.
හැටන් නගරය කේන්ද්‍ර කරගනිමින් පදික වේදිකාවේ වෙලදාම් කිරිමට පිට ප්‍රදේශවල සිට ව්‍යාපාරිකයන් විශාල පිරිසක් පැමිණි අතර , එම වෙලදුන් සමග මුදල් පසුම්බි සොරා ගන්නා ගැට කපන්නන් සංවිධානාත්මක කණ්ඩායමක් හැටන් නගරයට පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
දිපාවලි උත්සව සමයේ අලුත් ඇදුම් පැලදුම් සහ නිවසට අත්‍යවශ්‍යය භාණ්ඩ මිල දි ගැනිමට පැමිණි පාරිභෝගිකයන් කිහිප දෙනෙකුගේ මුදල් පසුම්බියි මෙසේ අස්ථාන ගත වි ඇත්තේ.
ඇතැම් පිරිසකගේ අත්බැගය කපා මුදල් පසුබ්මිය රැගෙන ඇති අතර , තවත් පිරිසක් බස් රථ වල සෙනග අතරේ ගමන් කරද්දි අත්බැගය විවෘත කර මුදල් පසුම්බි රැගෙන ඇති බවටයි පොලිසියට ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.
දිපාවලි උත්සව සමයේ හැටන් නගරය පුරා විකාශනය පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබු අතර , එම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් හැටන් පොලිසිය මගින් සිංහල සහ දමිල භාෂා වලින් මුදල් පසුම්බ් ආරක්ෂා කර ගන්නා ලෙසට වරින් වර පාරිභෝගිකයන් දැනුවත් කිරිමටද පියවර ගෙන තිබුණි.
දිපාවලි උත්සව සමයේ හැටන් පොලිසිය මගින් විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක් දියත් කර තිබු අවස්තාවක ආරක්ෂක අංශ වලට ද හසු නොවි එම සංවිධානාත්මක ගැට කපන කණ්ඩායම මුදල් පසුම්බි සොරකම් කර ඇත.
මුදල් පසුම්බි අස්ථානගත වු පිරිසගෙන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට පැමිණිලි නොකර තමන්ට සිදු වු පාඩුව ඔහුන් විසින්ම දරාගෙන ඇත.
දිපාවලි උත්සව සමයේ හැටන් නගරයේ පදික වෙලදාමට අවසර ලබා දිම නිසා පදික වේදිකාවේ ගමන් කිරිමේදි ඇති වු දැඩි තදබදය අවස්තාවක් කර ගනිමින් ගැට කපන්නන් මෙසේ තම මුදල් පසුම්බි සොරාගෙන ඇති බවට සිද්ධියට මුහුණ පැ පාරිභෝගිකයන් කිහිප දෙනෙකු කියා සිටිහ.