සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පළමු තරගය ලකුණු 134 ක් ලෙසින් 20විස්ස තරගයකදී ලැබු දරුණුතම පරාජය ශ්‍රී ලංකාව හිමිකර ගැනීමට සමත් වෙයි.
තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාවට ආරාධනා කලත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් නායක ආරෝන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් පළමු කඩුල්ල සඳහා ලකුණු 122ක සබඳතාවක් ගොඩ නගා ගැනිම කැපි පෙණුනි.
ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවි ලකුණු සංඛ්‍යාව 233ක් රැස් කරනු ලැබිය.
ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවි ලකුණු 99ක් පමණක් රැස් කර ලකුණු 134 කින් දරුණු පරාජයක් ලැබීමට සමත් විය.
මීළඟ තරඟය ලබන 30 වෙනිදා පස්වරු 1.40ට ආරම්භවීමට නියමිතය.