Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජාතිය රන්විමනක් වේ. ආගම මිණි පහනක්වේ…

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රටට සුදුසු නායකයෙකු පත් කර ගැනීම සඳහා අවස්ථාව හිමිවන දිනයේදී  ඡන්ද දායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් සදහන් කළහ.

නොවැම්බර් දහසය වන දින ඡන්ද දායකයන් රජ වන දිනයක් වන නමුත් ඒ රජකම ස්ථිර ද තාවකාලික ද යන්න තීරණය වන්නේ ජනතාව ඉටුකරන සිය වගකීම අනුව යැයි අස්ගිරිය ගෙඩිගේ රජමහ විහාරයේදී පැවැති ආගමිකවතාවත්වලට සහභාගීවෙමින් උන්වහන්සේ මේ බව කීහ.

අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම ආගමික උත්සවය පැවැත්වුණි.

රට වැසියා රජ කෙනෙකු මෙන් ඔටුණු පළඳන දවසක් එනවා. නමුත් ඡන්දෙන් පසුව ඒ රජා යළි බිමට වැටෙනවා යැයි කී අනුනායක හිමියන් මෙසේ සදහන් කළහ.

පුරාණයේ ඉඳලා රජවරු පුටුවේ වාඩිකෙරෙව්වෙත්, පුටුවලින් රජවරු බිමට දැම්මෙත් මේ රටේ භික්ෂුන් වහන්සේලායි.අපේ ඒ තිබෙන  උරුමය නැතිකරන්න කිසිවෙකුට බැහැ.ටිබෙට් ජාතික එස්. මහින්ද හිමිපාණන් වහන්සේ සදහන් කළේ ජාතිය රන්විමනක් වේ ආගම මිණි පහනක්වේ යනුවෙනුයි.ඒ කියන්නේ ජාතිය රැකුණොත් ආගම රැකෙන බවයි.

ආගමට ඉහළින් ජාතිය ගැන කිව්වෙත් ඒ නිසයි.ඒ නිසා අපි මේ මො⁣හොතෙත් ජාතිය රැකගන්න ඔිනේ.ජාතිය රැකෙන්න රටට හොඳ  ආරක්ෂාවක් තිබිය යුතුයි.ඒ නිසා තමයි රටවැසියා රජවෙන දවසේ රටට ආරක්ෂාවක් දිය හැකි කෙනෙක් පත්කරගන්න ඔළුව පාවිච්චි කරන්න කිව්වේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සහරාන්ලා වැනි කණ්ඩායම් පැමිණෙතැයි කියා  පන්සල්වල ගේට්ටු වැසුවා.මුර දැම්මා.මේක හැමදාම කරගෙන ඉන්න බැරිනිසා අපිම පන්සලේ ගේට්ටු ඇරියා.නමුත් සහරාන්ලා ආපහු එන්නේ නැහැ, ඒ නිසා පන්සල්වල ගේට්ටු අරින්න කියලා අපිට කවුරුවත් සහතිකයක් දුන්නේ නැහැ.⁣ඒ නිසා අද මේ අපි දානය දෙන්නෙත් අවධානමක්  ඇතිවයි.




ඒවගේ රට වැසියාත් ඉන්නේ එහෙම බියකින්.ප්‍රහාරඑල්ලවන බව දැනුම් දිලත් පියවරක් නොගත් එකේ රටේ ආරක්ෂාවක් ගැන කොහොම හිතන්නද.

 අද වෙනවිට උතුරේ වැසියාට උඩින් යන්න ගුවන් තොටුපළක් දුන්නා.බිම ඉන්න අයට ගොවිතැන් කරන්න, වතුර ගන්න ගංඟාවක් දෙන්න යනවා.මෙහෙන් ගංඟාවල් ගුවන් තොටුපොළවල් දෙනවිට උතුරෙන් අපිට දෙන්නේ රට බෙදන්න කියලා යෝජනා 13ක්.

උතුර සිසිල් කරන්න ගංඟාවක් දෙනවිට රට ලේ ගංඟාවක් කරන්න උතුරේ දේශපාලකයන්  මාන බලනවා.

 ඒ නිසා මම නැවතත් කියන්නේ සුරක්ෂිත  රටක් බිහිකිරිමට සුදුසු නායකයෙකු පත්කර ගැනිමට රටවැසියා රජවෙන එක දවසේ හෝ කතිරය පාවිච්චි කිරිමට පෙර ඔළුව පාවිචිචි කරන්න කියල යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් වැඩිදුරටත් සදහන් කළහ.

අස්ගිරි  පාර්ශවයේ මහනායක වරකාගොඩ  ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ආගමික අවස්ථාව සඳහා අස්ගිරි  පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, නියෝජ්‍ය ලේඛකාධිකාරි  පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල හිමි , නාථ දේවාල විහාරාධිපති  ගොමගොඩ රතනපාල හිමියන් ඇතුළු මහ සංඝරත්නය මෙම පුණ්‍ය කර්මය සඳහා සහභාගිවුහ.

 

Scroll to Top