Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විස්සයි20ට අපායට කැලැන්ඩරයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හදිසියේම නරකාදියේ සිට රජතුමා, ශ්‍රී ලංකාවට මා සොයමින් “මචං, නිව්ටෝ, මම මේ තකහනියේ ආවේ උඹව මීට් වෙන්න” යැයි කීය.
“ඈ.. අප්පට උඩු යමරජ බොස්, මොකද මේ හදිසියේම එන්ටර් වුණේ” යැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

‘මට පට්ගාලා දැන්…. හොයලා දිපං මචං” යැයි කණට කර යමක් රහසින් පැවසීය.

“පිස්සු හැදෙනා සඳ යමරජ ලොක්කා ඔය වැඩේට ඇස් කඩල යන සුපර් භාණ්ඩයක් ඕනා නේද?” යැයි මම යළි ඇසුවෙමි.

“නෑ, නෑ… මචං සුපර්ම ඒවා නැතුවට ප්‍රශ්නයක් නෑ දැක්ක ගමන් හොම්බට අටසිය අසූපහක් විතර අනින්න හිතෙන මහ කුඩු කේඩු” කියා යමරජ කියා ඉවර වෙන්නත් පෙර ‘ඇති ඇති හෝව්.. හෝව් මට දැන් තේරෙනවා.

එහෙනම් යමු” කියා යමරජ සහ යමපල්ලන්ව එක්තරා ස්ථානයකට රැගෙන ගියේය.

“මෙන්න මේ බලන්න කොහොමද කියලා” යැයි කෙනෙක්ව මා පෙන්වීමි”

“නියමයි මචං නියමයි පැන්ටාස්ටික් මම උඹ අපායට ආවාම ෆුල් සප් එක දෙන්නම් නිව්ටෝ” කියා බලෙන්ම ඇයව කරේ තබාගෙන අපායට ගියේය.




“ටික වේලාවකට පසු මගේ බිරිඳ දුව ගෙන විත් “සීවරං දෙයියනේ මගේ අම්මා යමපල්ලෝ ගෙනිච්චා තමුසේ මෙතන ‍පොල් ගෑවද?” යැයි මගෙන් ඇසුවෙමි.

“මරන්න නෙමෙයි ඕයි ගෙනියන්නේ රූපෙට හිත වැටිලා” යැයි මම කීවෙමි.

“ඒ මොන මඟුලකටද ඕයි” බිරිඳ නැවතත් මගෙන් ඇසුවෙමි.

“2020 අවුරුද්දට අපායට කැලැන්ඩර් ගහන්න” යැයි මම කීවෙමි බිරිඳ කන්න මෙන් මා දෙස බැලුවේය. මා ෂේප් එකේ අහක බලා ගත්තෙමි”

නිව්ටන්

 

Scroll to Top