හැටන් ලංගම ඩිපෝවේ සිට හැටන් බස් නැවතුම්පොල දක්වා ධාවනය වු බස් රථයක් හැටන් නගර මධ්‍යයේදි ගිලා බැසිමට ලක් වි ඇත.
හැටන් නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව ඉදිරිපිට ප්‍රධාන මර්ගය හරහා පොළව යටින් ඇද ඇති ටෙලිකොම් දුරකථන රැහන් පද්ධතියක් සම්බන්ධ කරන භුගත කාණුවක යකඩ තට්ටුව කැඩි යාම නිසා ධාවනය වෙමින් තිබු බස් රථයේ වම් පස ඉදිරිපස රෝදය එම ස්ථානයේ ගිලා බැස තිබුණි.
බස් රථය අනතුර පත් වන අවස්තාවේ බස් රථය තුල කිසිදු මගියෙකු නොසිටි අතර දිපාවලි උත්සව සමය නිසා හැටන් නගර මධ්‍යයේ විශාල පාරිභෝගිකයන්ගෙන් පිරි තිබු අතර බස් රථය ප්‍රධාන මාර්ගයේ ගිලා බැසිම නිසා පැති විදිය ඔස්සේ ප්‍රධාන නගරයට පිවිසිමට පැමිණි රථ වාහන ප්‍රධාන මර්ගයට ඇතුලත් කිරිමට නොහැකිව දැඩි රථ වාහන තදබදයක්ද ඇති විය.
හැටන් නගරයේ ව්‍යාපාරිකයන් සහ පාරිභෝගිකයන් එක්ව ගිලා බැස තිබු බස් රථය තල්ලු කර ගොඩ ගත් අතර පසුව ගිලා බැස තිබු ස්ථානය හැටන් ටෙලිකොම් කාර්යයාලයේ නිලධාරින් විසින් පිලිසකර කරන ලදි.