Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගිනිකොණ වායුගෝලය කැළඹෙයි , ඇල්ල – වැල්ලවාය මාර්ගය වසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බවත් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වැඩි විය හැකි අතර මුහුද රළු වීම පිළිබද  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි.

අද රාත්‍රියේ සිට දිවයිනේ පළාත් කිහිපකයට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.




තවදුරටත් ඇල්ල – වැල්ලවාය මාර්ගය  වසා දමා ඇති බවත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් සදහන් කරයි.

Scroll to Top