ඉන්දියාවේ නවදිල්හි පිහිටි ආර්ථික විද්‍යා අධ්‍යයන ආයතනය විසින් නියොජ්‍ය අෙමාත්ය කරුණාරත්න පරණවිතාන මහතා වෙත විශේෂ සම්මානයක් පිරිනමා ඇත.
පොදු ජනයා වෙත නැඹුරු වු මානව හිතවාදී ක්‍රියාකාරිත්වය සහිත, කලාපයේ නැගී එන දේශපාලඥයින් අතරින් පොදු ජනයා වෙත වඩා සමීපව සමාජ සංවර්ධන උදෙසා කැපවු වුණු, මානව හිතවාදීත්වයෙන් යුතුව වැඩ කරන දේශපාලනඥයකු ලෙස කරු පරණවිතාන මහතා වෙත මානව සේවා පුරස්කාර සම්මානය පිරිනමා ඇත.
ආර්ථික විද්‍යා අධ්‍යයනය ආයතනය යනු 1980 දශකයේ සිට ආර්ථික විද්‍යාඥයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන් ආදීන්ගෙන් සමන්විත විවිධ අංශ ගැන අධ්‍යයනය කරනු ලබන ආයතනයකි.
ඉන්දියාවේ නව දිල්හි නුවර පිහිටි ඉන්දියා හැබිටාට් මධ්‍යස්ථානයේදී ආර්ථික විද්‍යා අධ්‍යන ආයතනය විසින් පවත්වන ලද ආර්ථික සංවර්ධන සමුලුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් ඉන්දියාවේ නවදිල්හි ශ්‍රි ලංකා මහකොමසාරිස් විසින් එම සම්මානය ලබාගෙන ඇති අතර ඒ වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක්ද නිකුත්කොට ඇත.