Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ජනාධිපතිවරණ රූපවාහීනි ප්‍රචාරක දැන්වීම් නියාමනය කිරීමට යයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රූපවාහීනි නාලිකා මාධ්‍ය උපමානයන් නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත් වහාම මෙම තත්වය හැකි ඉක්මනින් නියාමනය කරන ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරීත්වයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.

මැතිවරණයක ජනමතය වෙනස් කිරීමට ජනමාධ්‍යය බලපානු ලබන බවත් මෙම මාධ්‍ය තුළ රූපවාහිනී නාලිකා ජන මනසට ඉතා ප‍්‍රබල ලෙස බලපෑමක් ඇති කරන බවත් නිරීක්ෂණය වී ඇති හෙයින් මෙම තත්ත්වය දැඩිව පාලනය කළ යුතු අතර අදාළ උපමානයන්ට අනුව කටයුතු නොකරනු ලබන ආයතන සම්බන්ධයෙන් නෛතික ක‍්‍රියාමාර්ගයක් ගැනීම කරා යොමුවිය යුතු බවද ඒම ලිපියේ සඳහන් කර තිබේ.

2019 වර්ෂයේ ජනාධිපතිවරණට අදාළ නිරීක්ෂණයන්ට අනුව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙසට අපගේ නිරීක්ෂණය වන්නේ රාජ්‍යය හා පෞද්ගලික රූපවාහිනී නාලිකා ඉතාමත් පැහැදිලිව නිශ්චිත දේශපාලන පක්ෂයක් ප‍්‍රවර්ධනය කිරීමට කාලය වෙන්කර ප‍්‍රචාරක කටයුතු කරමින් සිටින බවද මෙම විද්‍යුත් නාලිකා වල දේශපාලන කටයුතු ප‍්‍රචාරණය කිරීම සඳහා වෙන්කර ඇති කාලය නිරීක්ෂණය කිරීමේදී එය එක් එක් පක්ෂ සඳහා සමානුපාතික නොවන බව ඉතා පැහැදිලි කරුණක් බවත් ම ලිපියෙන් පෙන්වා දෙයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකා පෞද්ගලික මුදල් යොදවා තම ව්‍යාපාරික කටයුතු කරගෙන ගියද ඔවුන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ අවසරය මත ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ට අයත් මහජන දේපලක් වන විද්‍යුත් සංඛ්‍යාතයන් භාවිතා කරමින් තම ව්‍යාපාරය කරගෙන යනු ලබන හෙයින් පොද්ගලික හෝ රාජ්‍යය මාධ්‍යයන් හට අවශ්‍ය ඕනෑම ආකාරයකට කටයුතු කිරීමේ අසීමාන්තික නිදහසක් නොමැති බවද ඒහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වර්ෂ 2019 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළ පසු ශ‍්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් අංක 2141 /53 / 2019 /09/12 දරන ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කාලසීමාවේ මාධ්‍යය හැසිරිය යුතු ආකාරය පිළිබඳ උපමානයන් ප‍්‍රසිද්ධ කරන ලදී.

නමුත් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස මෙම උපමානයන් මේ වන විට විශේෂයෙන් රූපවාහිනි නාලිකා උල්ලංඝණය කරමින් සිටින බව අපගේ නිරීක්ෂණය වන බවද ඒම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම ලිපියේ පිටපත් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත හා මැතිවරණ කොමිසම වෙතද යොමු කර ඇත.

Scroll to Top