Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගෝඨා වැඩි ජන්ද ලක්ෂ 27 කින් මේ රටේ ජනාධිපති – මහින්දානන්ද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක් වි ඇති නිසා ලබන මස 17 දින වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ජන්ද ලක්ෂ 27 කින්  මේ රටේ ජනාධිපති වන බව ස්ථිර බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දා නන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා  එ බැව් කියා සිටියේ  නාවලපිටිය දොලොස්භාගේ ප්‍රදේශයේ අද (25) පස්වරුවේ  පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්විමකට එක් වෙමිණි.




මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ඔහුන්ට සහයෝගය දක්වන සියළුම පක්ෂ එක් ව ලක්ෂ 37 ජන්දයක් ලබා ගන්නා බවත් පැවසිය.

වතු කම්කරුවාට රු පනහක වැටුපක් වැඩි කිරිමට නොහැකි වු එක්සත් ජාතික පක්ෂ රජයේ ජනාධිපති අපෙක්ෂකයා රු එක්දහස් පන්සියක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වි ඇතත්, එම මුදල කිසිසේත් ඔහුන්ට ලබා දිමට නොහැකි බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ.

 

Scroll to Top