බල්ගේරියාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වෙමින් සිටි චීන ජාතිකයින් 39 ක් ලන්ඩන් නුවර ආසන්නයේ කන්ටේරයක් තුළ මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම ඝාතනවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනා ගැනීම සඳහා මේ වන විට එසෙක්ස් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් 25 හැවිරිදි උතුරු අයර්ලන්ත ජාතික රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.